Gossips

ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් සිවිල් සමාජ කමිටුවේ වාර්තාව කථානායකට

පළාත් සභා මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත් කළ සිවිල් සමාජ කමිටුව සකස් කළ අවසන් වාර්තාව අද කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී මෙම වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බවයි කමිටු නියෝජිත, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ නායකයන් අතර අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී මෙම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.