Gossips

ඡන්ද ක්‍රමය ගැන සියළු පක්ෂ තීරණයක් ගත යුතුයි

එක් පක්ෂයකට ආණ්ඩුවක් සෑදිය හැකි ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට දේශපාලන පක්ෂ තීරණයක් ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහල් 4කින් සමන්විත නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
කෙසේ වෙතත්, නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවට භාජනය කළ යුතු වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළා.