සෑම මාස 3 කටම වරක් ඡන්ද හිමි නාමලේඛනය යවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව සෑම වසරකම ජූනි 1 වනදා සිදුකෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය මාස 3 කට වරක් සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එම්. මොහොමඩ්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන නීති කෙටුම්පත් මේ වනවිට සකස් කරමින් පවතින බවයි.
