මැතිවරණය පැවති අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිය දුරකථනයෙන් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය අද (12) නියෝග කළා.
කුලියාපිටිය – වීරමුව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් ඔහු පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප මත මුදා හැර ඇති බව සඳහන්.
