Gossips

ඡන්දය දීමට ඇමරිකානු ජනතාව අතර දැඩි උනන්දුවක්

මේ වන විට අවසන් අදියරේ පවතින ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට ජනතාවගේ දැඩි උනන්දුවක් පවතින බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 50ක ඉතිහාසය තුළ ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයට වැඩිම උනන්දුවක් දක්නට ලැබෙන්නේ මෙවර මැතිවරණයේදී බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලය මධ්‍යයේ එනම්, ඔහුගේ වසර 4ක නිළ කාලයෙන් වසර දෙකක් ගෙවී යන විටයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ.
එහිදී ඇමරිකානු මහජන නියෝජිත සභාවට සහ සෙනෙට් මණ්ඩලයට සභිකයන් පත් කර ගැනෙන අතර, එය පොදුවේ හැඳින්වෙන්නේ ඇමරිකානු කොංග්‍රසය ලෙසයි.
එහි පාලනය හිමිකර ගැනීම ජනපති ට්‍රම්ප්ගේ ඉදිරි වසර දෙකක පාලනයට අතිශයින් වැදගත් වනවා.