Gossips

ඡන්දය අතරතුර කළබල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඡන්ද මධ්‍යස්ථාන වැසේ

ඇෆ්ගනිස්ථාන මහමැතිවරණය අතරතුර සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් සියයට 30 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් වසා දමා තිබෙනවා.
මීට අමතරව එරට කන්දහාර් ප්‍රදේශයේ ඡන්ද විමසීමේ කටයුතු සතියකින් පමණ කල් දමා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඇෆ්ගනිස්ථාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රියාත්මක වන අතරතුර, කාබුල් අගනුවර බෝම්බ පිපිරීම් රැසක් සිදුවුණා.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරවලින් සිදුවූ හානි පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.
මැතිවරණය වර්ජනය කරන ලෙස තලෙයිබාන් සංවිධානය ඡන්ද දායකයින්ට බලපෑම් සිදුකර තිබුණා.