Gossips

ඡන්දපොළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

ඡන්දපොළට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක් "
ඡන්දපොළ වෙත ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම නීතිවිරෝධීයි – පොලීසිය
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවෙමින් පවතින බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අපේක්ෂකයින් හෝ ආධාරකරුවන් විසින් ඡන්දදායකයින්, ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට ඉමහත් උද්යෝගයකින් සිදුවන බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වයෝවෘද්ධ පුද්ගලයන්ගේ පැමිණීමේ වැඩිවීමක් ද මේ වන විට දක්නට ලැබෙන බව හම්බන්තොට හිරු ප්‍රාදේශීය වාර්තාකරු සනත් කුමාර ගමගේ කියා සිටියා.
මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු ද සාමකාමීව සිදුවන බවයි අම්පාර හිරු ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල කියා සිටියේ.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ/ වව්නියාව, මාධව කුලසූරිය