Politics Sri Lanka

ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි.

ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 ක් ඡන්දය ප්‍රකාශ කරයි.

අද (10) පස්වරු 04 ට අවසන් වු 2018 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසිමට අදාළව සමස්ත ඡන්දදායකයින්ගෙන් සීයයට 60-70 අතර ඡන්ද දායකයින් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර තිබේ. මෙය මෑත කාලීනව පැවති පළාත් පාලන ආයතන මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමට ඡන්ද දායකයින් දැඩි උනන්දුවක් දැක්වූ බවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ 60,867දෙනෙකු දිස්ත්‍රික්ක 24කට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී අද දිනයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.ඒ අනුව දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 340කට අයත් මහනගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයින් 8328 දෙනෙකු තොරා පත් කර ගැනීමට නියමිතය. මෙවර මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 43 ක් සහ ස්වාධීන කණ්ඩායම් 222 ක් සඳහා තරඟ වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 57,097 ක්.