තමාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල ආයතනයක් මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තිය සමිති එකමුතුව කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර සමන් රත්නප්‍රිය සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මව්බිම සුරැකීමේ ජාතික සම්මේලනය ඊයේ පොලිස් මූලස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලට වැඩිදුර කරුණු දැක්වීම සඳහා භික්ෂුන් වහන්සේ කිහිපනමක් අදත් පොලිස් මුලස්ථානය වෙත පැමිණියා.
