Gossips

චෝදනා ලැබූවන් ඉල්ලා අස්විය යුතුයි – රවී කරුණානායක

පුරාවස්තු හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයන් විමර්ශන අවසන් වනතුරු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා.
කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව අමාත්‍ය සජිත් ප්‍රේමදාස කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ නිලධාරින් පිරිසකගෙන් සිදුවූ අදාළ සිදුවීම තමන් පිට පැවරීම අසාධාරණ බවයි.
මේ අතර ඉපලෝගම – විජිතපුර පුරාවිද්‍යා භුමියේ සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පොලිස් මුලස්ථානය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.