Gossips

චෝදනා කරන විදෙස් රටවල ශ්‍රී ලංකාව තුළ ඇති සාමය නැහැ – කාදිනල් හිමි

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා කරන රටවල, මෙරට තරම් සාමයක් දක්නට නොලැබෙන බව අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (10) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.
එමෙන්ම ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් උතුර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන එම්.කේ. සිවාජිලිංගම් සහ ආනන්දි ශෂිදරන් ඇතුළු පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් වෙත ඊයේ (10) භාර දී තිබුණා.