පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් වෙත එල්ලවූ චෝදනාවට එරෙහිව දිනේෂ් චන්දිමාල් විසින් ඉදිරිපත් කළ අභියාචනය ICC ය විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා.
ඒ අනුව කොදෙව් කණ්ඩායම සමඟ අද පැවැත්වෙන අවසන් ටෙස්ට් තරඟය ද ඔහුට අහිමි වනු ඇති.
කොදෙව්වන් සමග පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාව මත දිනේෂ් චන්දිමාල්ට කොදෙව් කණ්ඩායම සමඟ අවසන් ටෙස්ට් තරඟය තහනම් කෙරුණු අතර ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් පනවනු ලැබුවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම කඩ කළ බව පිලිගෙන තිබෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේදී පැය දෙකක කාලයක් පිටියට පැමිණීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්.
මයිකල් බැලොෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිෂන් සභාව විසින් එය සලකා බැලීමට නියමිතව තිබෙනවා.