Gossips

චෙන්ඩු වෙළඳ නියෝජිත පිරිසක් ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා

බටහිරදිග චීනයේ වැඩිම ආර්ථික පරිමාවක් සහිත චෙන්ඩු ප්‍රාන්තයේ විදේශ වෙළඳ සහයෝගීතා නියෝජිත කණ්ඩායමක් මෙරට ආයෝජන මණ්ඩල නියෝජිතයන් හමුවී තිබෙනවා.
එහිදී ඔවුන් හම්බන්තොට කේන්ද්‍ර කොටගෙන ආයෝජන සිදුකිරීම පිළිබදව උනන්දුව පළ කළ බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.
එවැනි එක් ව්‍යාපෘතියක් වන්නේ හම්බන්තොට වානේ ව්‍යාපෘතියක් දියත් කිරීමයි.
කොළඹ සිය කාර්යාලයක් පිහිටුවා ඇති චෙන්ඩු විදේශ වෙළඳ සහයෝගීතා සම්මේලනය දකුණු ආසියාවේ තවත් පළාත් කාර්යාල 7ක් ස්ථාපිත කර තිබෙනවා.
කොළඹ සහ චෙන්ඩු ප්‍රාන්තය අතර ඍජු ගුවන් සබඳතා වසර 11ක් තිස්සේ ක්‍රියාත්මක වීම වෙළඳ සහයෝගීතාව ඉහළ නැංවීමට දායක වී ඇති බව එම වෙළඳ සම්මේලනයේ මහලේකම් චෙන් ෂියා ප්‍රකාශ කළා.