කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක අධි ශීතකරණයක දමා සිටි කැබැල්ලෑවෙකු පොලීසිය අද (05) සොයාගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සිද්ධියට අදාළ චීන ජාතික සූපවේදියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම කැබැල්ලෑවා අඩි 04ක් පමණ දිගකින් යුක්ත වන අතර, සැකකාර චීන ජාතිකයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
