Gossips

චීන සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක්

ඉදිරි සතියේදී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක සම්මිලිත ණය ආධාරයක් හිමි වන බව මහබැංකුව පවසනවා.
එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ දී ස්වෛරීත්ව බැඳුම්කර මෙන්ම චීන සහ ජපාන විනිමය බැඳුම්කර මගින් තවත් ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි එමගින් සඳහන් කළේ.
ඒ අනුව රුපියලේ අගය කෙරෙහි පවතින පීඩනය අවම වනු ඇති බව මහබැංකුවේ අදහසයි.