Gossips

චීන මුදල් රුපියල ශක්තිමත් කරයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ රුපියලේ අගය මේ වනවිට ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබෙනවා.
මහබැංකුව ඊයේ (28) නිකුත් කළ නවතම දත්තවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 159යි ශත 85 ක් ලෙසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පසුගිය 18 වනදා 161 සීමාව ඉක්මවා ගිය අතර, ඉතිහාසයේ රුපියල අව ප්‍රමාණය වූ වැඩිම අගය ලෙස එය දැක්වුණා.
කෙසේ වෙතත්, පසුගියදා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම හම්බන්තොට වරාය ගිවිසුමේ ඩොලර් මිලියන 584ක් වූ අවසන් ණය වාරිකය මෙරටට පිරිනැමීමත් සමඟ රුපියලේ ප්‍රකෘතිවීමක් යළි දක්නට ලැබෙන බවයි ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කළේ.