චීනයේ එක් තීරුවක් – එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සිය රටේ ස්වෛරීභාවට සහ භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් බව ඉන්දියාව පවසනවා.
ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 39 වන සැසි වාරයට සහභාගිවෙමින් ඉන්දීය නියෝජිතයා ඊයේ මේ බව ප්‍රකාශ කළා.
භෞතික සම්බන්ධතාව වැඩි දියුණු කරලීම තුළින් සංවර්ධනය ලැබීම ජාත්‍යන්තර ප්‍රජාවේ අභිලාෂයක්.
එහෙත් එය සිදුවිය යුත්තේ සමාන ආර්ථික සම්බන්ධතා සහ වාසිදායක පරිසරයක් සියල්ලන්ටම ඇති කරමින් බව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ඉන්දීය නියෝජිතයා කියා සිටියා.
