Gossips

චීන ජනපති උතුරු කොරියාවට

උතුරු කොරියාව බිහිවී වසර 70 ක් සපිරීම සලකුණු කරමින් පැවැත්වෙන උත්සවයට සහභාගි වීම සදහා චීන ජනාධිපති ෂී ජින්පින් ලබන මාසයේ උතුරු කොරියාවේ සංචාරයක නිරත වන බව සිංගප්පූරු පුවත්පතක් අනාවරණ කළා.
චීන ජනාධිපතිවරයෙකු මෙලෙස උතුරු කොරියාවේ සංචාරය කරන්නේ වසර 13 කට පසුවයි.
2005 වසරේදී හූ ජින්තා ඕ ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සංචාරය කළ අතර, ජනාධිපති ෂී ජින්පින් බලයට පැමිණීමෙන් පසු මෙතෙක් උතුරු කොරියාවේ සංචාරය කර නැහැ.
උතුරු කොරියානු සැමරුම් උත්සවය සැප්තැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිත බවයි සිංගප්පූරු ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත් වැඩිදුරටත් සදහන් කළේ.