චීන ජනාධීපතිවරයාට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි ලෙස එරට කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය නුදුරේදීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම වාර්තාවල දැක්වෙන්නේ අදාළ සංශෝධනයෙන් පසු චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින් පිංට තම දිවි තිබෙන තුරු ජනාධිපති ධුරයේ රැඳී සිටීමට හැකිවනු ඇති බවයි.
දැනට පවතින ව්‍යවස්ථාව අනුව ෂී ජින්පිං ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ වසර 2023 දියි.
