Gossips

චීන ජංගම දුරකථන දැවැන්තයාගේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට

චීන හුවාවේ ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂු කැනඩාවේ වෑන් කූවර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමරිකාවේ ඉල්ලීමක් මත ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටුවහල් කිරීමට නියමිත බව සදහන්.
ඇමරිකාව, ඉරානයට පැනවූ සම්බාධක හුවාවි සමාගම විසින් උල්ලංඝනය කළ බවට ඇය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුව ද, ඒ පිළිබද මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
හුවාවේ නිර්මාතෘවරයා දියණිය වන මෙන් වෑන්ෂු අත්අඩංගුවට ගැනීම පිළිබදව දැඩි ප්‍රතිචාරයක් දැක්වූ චීනය කැනඩාවෙන් ඉල්ලා ඇත්තේ ඇය වහා නිදහස් කරන ලෙසයි.
හුවාවේ මේ වසරේදී ඇමරිකානු ඇපල් අභිබවා ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත් වුණා.