Gossips

චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා වෙනසක්

චීන ජනාධිපතිවරයාට තව දුරටත් ධුරයේ රැඳී සිටිය හැකි ලෙස එරට කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
මේ වනවිට කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ වසර 05 බැගින් දෙවතාවක් පමණක් ජනාධීපති ධුරය දැරිය හැකිවන ලෙසටයි.
චීන ජනාධිපති ෂී ජින් පිං සිය අවසන් ධුර කාලය මේ වනවිට ගතකරමින් සිටින අතර පක්ෂ ව්‍යවස්ථාවේ නව සංශෝධනයට අනුව ඔහුට 2023 දක්වා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.