Gossips

චීන උඩුගුවන් පරීක්ෂණාගාරය මහපොළොවට

2011 වසරේ චීනය විසින් උඩුගුවනට යැවූ අභ්‍යවකාශ පරීක්ෂණාගාරය අද (31) සිට ඉදිරි දින කිහිපය තුළ පෘථිවිය වෙත ඇද වැටෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.
ටොන් 8 ක් පමණ බරැති ටියන්ගොන් වන් අද රාත්‍රියේ සිට හෙට සන්ධ්‍යාව දක්වා කාලය තුළ එලෙස පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමට බොහෝ දුරට ඇති බවයි යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
චීනයේ ප්‍රථම උඩුගුවන් පරීක්ෂණාගාරය වූ ටියන්ගොන් වන් 2016 වසරේ මාර්තුවේදී අක්‍රිය වූ අතර, එය පොළොවට ඇද වැටෙන්නේ පාලනයකින් තොරවයි.