Gossips

චීන – ඇමරිකා ආර්ථික යුද්ධය ඇරඹේ

ඇමරිකාව සහ චීනය ඔවුනොවුන්ට බදු පනවා ගැනීමත් සමඟ දෙරට අතර ආර්ථික යුද්ධයක් ආරම්භ වී ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා.
චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවනු ලැබූ අතර එය අද සිට ක්‍රියාත්මකයි.
මෙම ඉහළ බදු, චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 6000කට අධික සංඛ්‍යාවක් සඳහා බල පවත්වන අතර, එය ඇමරිකාව විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කළ විශාලතම බදු පෙළයි.
සහල්, රෙදිපිළි, ගමන් මළු, අත්බෑග්, පමණක් නොව වැසිකිලි කඩදාසි සඳහා ද මෙම බදු ක්‍රියාත්මක වනු ඇති.
මෙම තත්ත්වය ප්‍රතිචාර වශයෙන් චීනය ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩොලර් බිලියන 60ක් වටිනා භාණ්ඩ සඳහා නව තීරු බදු පනවනු ලැබුවා.