Gossips

චීන ආයෝජකයින්ගේ අවධානය කෘෂිකර්මාන්තය දෙසට

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා චීන ආයෝජකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (10) පැවැත්වුණේ චීන නියෝජිතයින් පිරිසකගේ ද සහභාගිත්වයෙන්.
මෙරට ගොවියන්ගේ නිෂ්පාදන කල් තබා ගැනීම සහ පසු අස්වනු හානිය වැළැක්වීමට, නවීන තාක්ෂණික ක්‍රමවේද මෙන්ම ශීතාගාර පහසුකම් ලබාදීමට ඒ අනුව, චීන ආයෝජකයින් මැදිහත් වනු ඇති.