Gossips

චීනය සැරවෙයි

චීනය බෙදීමට උත්සාහ කරන ඕනෑම බලවේගයකට එරෙහිව ලේ වැගිරෙන යුද්ධයකට වුවද සූදානම් බව චීන ජනාධිපති ෂී – ජින්පින් ප්‍රකාශ කළා.
ලෝකයේ චීනයට හිමි නිසි ස්ථානය රැක ගැනීමට එවැනි පියවරක් සඳහා පසුබට නොවන බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේ බීජිං නුවර දැන් පැවැත්වෙන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය අමතමින්.
චීනය තම රටට අයත් දිවයිනක් ලෙස සලකන තායිවානයට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් යැවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණය චීනයේ දැඩි උදහසට ලක්වූවක්.
චීන ජනාධිපතිවරයා තම රට බෙදීමට උත්සාහ කරන බලවේගයක් ලෙස ඇමරිකාව හඳුන්වන බව විචාරකයන්ගේ අදහසයි.
විදේශයන්හි චීනය සිදුකරන සංවර්ධන ව්‍යාපෘති වෙනත් කිසිදු රටකට තර්ජනයක් නොවන බවයි චීන ජනාධිපති ෂී – ජින්පින් අවධාරණය කළේ.