Gossips

චීනය සහ ඇමරිකාව මුහුදට ගැටේ

දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳ මතභේදයක් පවතින දිවයින් පෙළක් සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා සිදුකළ ප්‍රකාශයට චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
ජාත්‍යන්තර නෞකා මාර්ගයක් වැටී ඇති මත්ස්‍ය සහ ඛනිජ සම්පත් බහුල මෙම දිවයින්වල හමුදා බලය තර කිරීම සිංගප්පූරුවේ පැවැත්වෙන ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුවේදී ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැතිස්ගේ දැඩි විවේචනයට ලක් වුණා.
චීනය සිය අසල්වාසීන්ට තරවටු කරන බවටයි ඔහු එහිදී චෝදනා කළේ.
එම සමුළුවේදීම ඊට පිළිතුරු ලබාදුන් චීනය නියෝජනය කරන ලූතිනන් ජෙනරාල් හේ ලෙයි කියා සිටියේ තම මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් පිටස්තරයන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
එය තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් ලෙස ඔහු සඳහන් කළා.
චීනය පූර්ණ අයිතිය ප්‍රකාශ කරන මෙම දිවයින් පෙළට වියට්නාමය, පිලිපීනය, තායිවානය ඇතුලූ රටවල් රැසක්ම හිමිකම් පළ කරනවා.