චීනය සමග වෙළද ගිවිසුමකට සිය පාර්ශවය කැමැත්තෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
වොෂින්ටනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ චීනය ද වෙළද ගිවිසුමක් ඇති කර ගැනීම සදහා දැඩි වුවමනාවකින් පසුවන බවයි.
එහෙත්, චීනයේ භාණ්ඩ සදහා ඇමරිකාව පනවා ඇති තීරුබදු එලෙසම පවත්වාගෙන යන බවයි ඔහු විදෙස් මාධ්‍ය හමුවේ තවදුරටත් සදහන් කර ඇත්තේ.