Gossips

චීනය, සඳට ගිය හැටි සොයන්න නාසා නීතියේ වෙනසක්

චීනය සමඟ නව නීතිමය රාමුවක් තුළ සඳ මත ගවේෂණ කටයුතු සඳහා ඇමරිකානු – නාසා ආයතනය සූදානම් වනවා.
ඒ සඳේ අඳුරු ප්‍රදේශයට ප්‍රථමවරට ගවේෂණ යානයක් ගොඩබැස්සවූ චීනයේ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින්.
කෙසේ වෙතත්, 2011 වසරේදී ඇමරිකානු කොංග්‍රසය විසින් නාසා ආයතනයට සහ එරට විද්‍යා සහ තාක්ෂණික ආයතනවලට චීනය හෝ චීන සමාගම් සමඟ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම තහනම් කර තිබුණා.
ඒ හේතුවෙන් නව නීතිමය රාමුවක් තුළ චීනය සමඟ සඳ මත ගවේෂණ කටයුතු කිරීම කෙරෙහි මේ වනවිට අවධානය යොමුව ඇති බවයි නාසා ආයතනය සඳහන් කළේ.
සඳේ අඳුරු ප්‍රදේශයට පසුගිය ජනවාරි 03 වනදා ගොඩබට චාන්ගී 4, චන්ද්‍ර ගවේෂණ යානය එහි පැහැදිලි ඡායාරුප පෙළක් පෘථීවියට යොමුකළ අතර, අනතුරුව, සේඳ කපු පැල රෝපණය කිරීම ද ඔවුන් සාර්ථකව සිදුකළා.