Gossips

චීනය, වෙබ් අඩවි 4000ක් වසයි

අන්තර්ජාලය හරහා හානිකර තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා චීන රජය විසින් වෙබ් අඩවි සහ අන්තර්ජාල ගිණුම් 4000කට වැඩි සංඛ්‍යාවක් වසා දැමූ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා.
අසභ්‍ය වීඩියෝ, අන්තර්ජාල සූදු මෙන්ම ආගම් අපහාසයට ලක් කිරීම ආදී කරුණු මෙලෙස වෙබ් අඩවි වසා දැමීමට හේතු වී තිබෙනවා.
ගත වූ මාස 03ක කාලය තුළ ගනු ලැබූ මෙම පියවර මගින් නීතිවිරෝධී කටයුතු 120ක් ද වැළැක්වීමට හැකි වූ බව චීන බලධාරීන් ප්‍රකාශ කළා.
එහිදී ඉවත් කළ සමාජජාල සටහන් ඇතුළු හානිකර ඉදිරිපත් කිරීම් සංඛ්‍යාව එක්ලක්ෂ 40,000කට අධිකයි.