Gossips

චීනය, මුහුද යටින් දුම්රිය ධාවනයට සැරසේ

චීනයේ – ෂෙන්ජියැං ප්‍රාන්තයේ නගරාන්තර මුහුදු උමං දුම්රිය මාර්ගයක් තැනීමට සැලසුම් කර තිබෙනවා.
චීනයේ ප්‍රථම මුහුුදු උමං දුම්රිය මාර්ගය වන මෙය නින්බෝ සහ සූෂාන් නගර අතර කිලෝමීටර් 70 ක් වූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 16 යි දශම 2 ක් ආවරණය කරනු ඇති.
එමගින් නගර දෙක අතර, ගමන් කිරීමට ගත වන කාලය පැය එකහමාරේ සිට පැය භාගය දක්වා අඩු වන බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
පැයට කිලෝමීටර් 250 ක වේගයෙන් මෙහි අධිවේගී දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව සදහන්.
චීනය පුරා මේ වනවිට කිලෝමීටර් 25,000 ක පමණ අධිවේගී දුම්රිය මාර්ග ඉදිකර ඇති අතර එය ලෝකයේ අධිවේගී දුම්රිය මාර්ගවලින් සියයට 60 කට ආසන්නයි.