චීනයේ අයවැය ලෙස සළකන 2019 වසර සඳහා වූ එරට ජාතික වැඩ සැලැස්ම, චීන ජාතික මහජන කොංග්‍රසය වෙත අද ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව, එරට ආර්ථික වර්ධනය සියයට 6 ත්, 6 යි දශම 5 ත් අතර වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
එමෙන්ම, ආර්ථික වර්ධනය දිරිගැන්වීම සඳහා බදු අඩු කිරීමට ද චීනය පියවර ගෙන තිබෙනවා.
