Gossips

චීනය දක්වා යළි ගුවන් ගමන් ඇරඹේ

සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් කටුනායක සිට චීනය දක්වා නවතා දැමුණු ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා.
ඊයේ (16) පස්වරු 2.30ට චීනයේ ග්වන්ෂූ දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 880 යානය අද (17) අළුයම 1.44 ට එහි පිටත්ව ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊට අමතරව පෙරේදා දිනයේ හොංකොං බලා පිටත්ව යාමට නියමිතව තිබූ සී.එච්. 611 දරණ ගුවන් යානය ද අද අලුයම 12.27 ට පිටත්ව ගොස් තිබෙනවා.
චීනයට බලපා මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද නවතා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.