Gossips

චීනය, ණයෙන් ලංකාව ගිල ගත් බව නිව්යෝක් ටයිම්ස් කියයි

චීනය වරාය ආයෝජන සඳහා ණය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථීකය තමන් සතු කරගැනීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා.
ඒ, ඊට අදාළ ලිපියක් ඉදිරිපත් කරමින්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහාද චිනය මුදල් යොදවා ඇති බවයි.
ආරම්භයේ සිටම හම්බන්තොට වරායේ උපාය මාර්ගික වටිනාකමක් චීනය නිරීක්ෂනය කළ බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.
ඔවුන් පැවති රජය සමග සබඳතා ගොඩනගා ගනිමින් ණය ලබාදී තම අවශ්‍යතා ඉටු කරගෙන ඇති බවයි එහි සඳහන් වන්නේ.