Gossips

චීනය ගෝලීය පරිපාලනයේ පෙරමුණ ගැනීමට සැරසෙයි

ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනය පෙරමුණ ගත යුතු බව ජනාධිපති ෂී ජින් පිං පවසනවා.
වියට්නාමයේ – හැනෝයි නුවරදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.
චීනයේ අනුග්‍රහයෙන් හැනෝයි නුවර ඉදිකළ වියට්නාම – චීන සංස්කෘතික මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
සිය ආර්ථික සහ රාජතාන්ත්‍රික වර්ධනය සැළකිල්ලට ගෙන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජගත් සංවිධානයේ වැඩි බලතල චීනයට හිමිවිය යුතු බවයි ජනාධිපති ෂි ජින් පිං ප්‍රකාශ කර ඇත්තේ.