Gossips

චීනය, උල්කා ගවේෂණයට සහයකයන් සොයයි

පෘථිවිය ආසන්නයේ සැරිසරන උල්කාපාත වෙත අභ්‍යාවකාශ යානයක් යවා ඒවායේ සාම්පල පෘථිවියට ගෙන ඒම සඳහා චීනය නව වැඩසටහනක් සැලසුම් කරනවා.
ඒ සඳහා පාර්ශවකරුවන් අවශ්‍ය බවයි චීන අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළේ. වසර 10ක් ගත වන මෙම වැඩසටහන යටතේ 2016 – එච්. ඕ. 3 උල්කාපාතයට අභ්‍යාවකාශ යානයක් යවා එහි සාම්පල එකතු කර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
චීනය සඳ තරණය කළ චාන්ගි – 6 මාදිලිියේ අභ්‍යාවකාශ යානයක් ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි.
ඉන් නික්මෙන තවත් ගවේෂණ යානයක් 133 – පී නැමති උල්කාපාතය වෙත පතිත කිරීම චීනයේ සැලසුම බව සඳහන්.
චීන අභ්‍යාවකාශ ගවේෂණ සඳහා එක්වීමට ප්‍රංශය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් දැනටමත් උනන්දුව පළ කර තිබෙනවා.