Gossips

චීනයේ රිදී ආකාරයක බස් අනතුරකින් විසි එක්දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ ඉනර් මොංගෝලියා කලාපයේ රිදී ආකාරයක අද උදෑසන සිදුවූ අනතුරකින් පතල් කම්කරුවන් විසි එක්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පතලේ භූගත මෙහෙයුම් සඳහා උමගක මාර්ගයක් ඔස්සේ පතල්කරුවන් රැගෙන ගිය බස් රථයක් මෙහිදී අනතුරට ලක්වී ඇති බව සඳහන්.
චීනයේ විශාලතම රිදී ආකාරය වන මෙහි ඊයම් සහ සින්ක් ලෝහද නිෂ්පාදනය කරනු ලබනවා.
තවත් පතල්කරුවන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.