Gossips

චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 44 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර රසායනික කම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 640 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොහොර නිෂ්පාදනය කරන මෙම කම්හලේ පිපිරීම සිදුවන අවස්ථාවේ රික්ටර් පරිමාණයේ 2.2ක භූ කම්පනයකට සමාන කම්පනයක් සිදුව ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.
කම්හලේ පිපිරීමත් සමඟ ඊට සම්බන්ධ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර, සේවකයන් රැසක් සුන්බුන් අතර සිරවූ බව සඳහන්. පිපිරීමත් සමඟ ඇති වූ ගින්න මැඩ පවත්වා ඇත්තේ පැය කිහිපයකින් අනතුරුවයි.