Gossips

චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ – නිරිතදිග සිචුවාන් ප්‍රාන්තයේ රසායනික කම්හලක ඊයේ සන්ධ්‍යාවේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 12 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව සදහන්.
සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනුවරට ගිණිකොණ දෙසින් පිහිටි කාර්මික උද්‍යානයේ පිිහිටි රසායනික කම්හලක් මෙලෙස හදිසියේ පිපිරීමට ලක්වී ගිනිගෙන තිබෙනවා.
ලොව විශාලතම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකයා චීනයයි.
2015 වසරේ චීනයේ ටියන්ජිං වරාය නගරයේ පිහිටි රසායනික ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 165 දෙනෙකු මියගියා.