Gossips

චීනයේ බස් අනතුරකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම චීනයේ හුනාන් ප්‍රාන්තයේ චාන්ඩේ නගරයේ දී සංචාරක මගී බස් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වීමෙන් එහි ගමන් ගත් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම අනතුරේදී තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ආසන 59කින් යුත් මෙම සංචාරක බස් රථයේ ගමන් ගත් 53 දෙනෙකුම මගීන් වන අතර, රියදුරන් දෙදෙනෙකු සහ සංචාරක මඟ පෙන්වන්නෙකු සිට තිබෙනවා.
රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.