Gossips

චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම, රුසියානු ජනපති පුටින්ට

චීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට ප්‍රථම මිත්‍රත්ව පදක්කම ජනාධිපති ෂී – ජින්පින් විසින් ඊයේ පිරිනැමුවා.
එහිදී චීන ජනාධිපතිවරයා ජනාධිපති පුටින් හැදින්වූයේ චීනයේ හොඳම මිතුරා ලෙසයි.
බටහිර රටවල් රැසක් රුසියාව සහ ජනපති පුටින්ගේ පාලනය සමඟ විරසකව සිටියදී චීනය, රුසියාව වෙත මෙලෙස අඛණ්ඩ සහයෝගීතාව පළ කිරීම විශේෂත්වයක්.
රුසියානු නායකයා චීනයට පැමිණියේ කුවියින්ඩාවෝ නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා ආරක්ෂක සමුළුවට සහභාගිවීම සඳහායි.