Gossips

චීනයේ නීති සමාගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රී ලංකාව තුළ නීති ක්ෂේත්‍රයට සේවා සැපයීම් සිදුකිරීම වළක්වන නියෝගයක් ඉල්ලා චීන සමාගමකට එරෙහිව නීතිඥවරයෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වූ චීන සමාගමක් නීති ක්ෂේත්‍රයට සේවා සැපයීම සදහා ඉල්ලීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට එරෙහිව ගොනුකළ මෙම පෙත්සමෙන් සදහන් කර ඇත්තේ අදාළ සමාගම නීති ක්ෂේත්‍රයට සේවා සැපයීම තුළින් මෙරට නීතියේ සහ නීති ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.