ආසියාකරය ජාත්‍යන්තරය හා යා කරමින් චීනය තනන ගෝලීය ප්‍රවාහන සහ වෙළඳ සම්බන්ධතා මාර්ගය වන නව සේද මාර්ගයට විකල්පයක් ඉදිරිපත් කිරීමට රටවල් 4ක් සැරසෙනවා.
ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය ඒ සඳහා එක්ව සිටින බවයි ඕස්ට්‍රේලියානු පුවත්පතක් අද වාර්තා කළේ.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් මේ සතියේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වන අතර, එහිදී ඔහු ජනපති ට්‍රම්ප් සමඟ ඒ පිළිබදව සාකච්ඡා කරනු ඇති.
