Gossips

චීනයේ නගර 9කට වායු දූෂණ අවදානම්

මිහිදුම් ධූලි දුමාරයක් පැතිර යාමත් සමඟ චීනය එහි කාර්මික ප්‍රදේශ කේන්ද්‍රගතව පවතින නගර 9ක් සඳහා දෙවන මට්ටමේ එනම්, තැඹිලි පැහැයේ අවදානම් නියෝග නිකුත් කර තිබෙනවා.
චීනයේ කර්මාන්ත කේන්ද්‍රගතවූ හෙබෙයි, ෂැංඩොන්, හෙනාන්, ෂැංසි ප්‍රාන්තවල පිහිටි නගර 9කට අදාළ අවදානම් නියෝගය ජනවාරි 14 වන දා සිට ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව වානේ කර්මාන්තශාලා, ගල් අඟුරු නිෂ්පාදනාගාර සහ ඇලුමිනියම් විරවුම්හල් ආදියට දූෂක වායු නිකුත් කිරීම සියයට 30කින් කපා හරින ලෙස නියෝග කර ඇති බව සඳහන්.
එහිදී ඩීසල් මගින් භාණ්ඩ ප්‍රවාහනය ද සීමා කර තිබෙනවා.
චීනයේ මෙලෙස වැඩිම වායු දූෂණයක් පවතින නගරය ලෙස හඳුනාගෙන ඇත්තේ ගල් අඟුරු ආකරවල කේන්ද්‍රස්ථානයක් වූ ෂැංසි ප්‍රාන්තයේ ලින්ෆෙන් නගරයයි.