Gossips

චීනයේ දකුණු ආසියානු මිතුදම් ගැන ඉන්දියාව කථා කරයි

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය ආදී දකුණු ආසියාතික රටවල් සමග ඉන්දියාව ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන අතර, චීනය එම රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීම ගැටළුවක් නොවන බව මුල්පෙළේ ඉන්දීය රාජතාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කළා.
චීනයේ ඉන්දීය තානාපති ගෞතම් බම්බාවලේ මේ බව කියා සිටියේ හොංකොං හි පළවන පුවත්පතක් වෙත අදහස් දක්වමින්.
නේපාලය සැළකූ විට දෙරටේ දේශසීමා හරහා විවෘතව ගමන් කළ හැකිවනවා.
ඉන්දියාව විසින් චීනය ප්‍රතිවාදියෙකු හෝ තරගකරුවෙකු නොසළකන බව බීජිං නුවර ඉන්දීය තාානපතිවරයා අවධාරණය කළා.
කෙසේ නමුත් පාකිස්ථානය සහ චීනය අතර ක්‍රියාත්මක ආර්ථික වේදිකාව විනිවිද භාවයකින් යුක්ත විය යුතු බවයි ඔහු සඳහන් කළේ.