Gossips

චීනයේ ජල ගැල්මෙන් දැවැන්ත හානියක් හානි

චීනය පුරා දැන් පවතින අධික වර්ෂාව සමග ගංඟා පිටාර ගැලීමෙන් මහා මාර්ග, දුම්රිය මාර්ග මෙන්ම වගාවන් රැසකට හානි සිදුව තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගැනීමට සිදුවූ බවයි.
චීනයේ ප්‍රාන්ත 24 ක පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ගංඟා 241 ක් පිටාර ගලා ඇති අතර, ඍජු ආර්ථික හානිය යුආන් බිලියන 26 කට ආසන්න බව සඳහන්.