Gossips

චීනයේ ගල් අඟුරු ආකාරයක පියස්ස කඩාවැටී 13 දෙනෙකු මරුට

උතුරුදිග චීනයේ ගල් අඟුරු ආකාරයක පියස්ස කඩාවැටීමෙන් පතල් කරුවන් 19 දෛනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් දෙදෙනෙකු එහි සිරවී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පුද්ගලයන් 87 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ පතල තුළ රැඳී සිට ඇති අතර, ඉන් 66 දෙනෙකු බේරාගැනීමට හැකිව තිබෙනවා.
ෂෑන්සි ප්‍රාන්තයේ පතලක සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් චීන බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
චීන ජාතික ගල් අඟුරු ආකර ආරක්ෂණ පරිපාලන ආයතනය සඳහන් කරන පරිදි 2017 වසරේදී චීනයේ ගල් අගුරු පතල් ආශ්‍රිත මරණ 375 ක් වාර්තාවී තිබෙනවා.