Gossips

චීනයේ ඒඩ්ස් අවදානම ඉහලට

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එච්.අයි.වී. ආසාදනය වූ සහ එය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වූ චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 14%කින් ඉහල ගොස් තිබෙනවා.
එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ මේ වනවිට අට ලක්ෂ 20,000 ක් චීන ජාතිකයන් එච්.අයි.වී. හෝ ඒඩ්ස් සමඟ ජීවත්වන බවයි.
මේ වසරේ දෙවන කාර්තුවේදී පමණක් නව ආසාදිතයන් 40,000 ක් වාර්තා වී තිබෙනවා.
චීනයේ ඇතැම් ප්‍රදේශවල ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඒඩ්ස් වාහක රුධිර පාරවිලනයෙන්.
එහෙත් නව ආසාදිතයන් බහුතරයක් ලිංගික ක්‍රියා හේතුවෙන් එලෙස එච්.අයි.වී. ආසාදනය වූ අය බව හෙලි වී තිබෙනවා.