Gossips

චීනයේ ආරක්ෂක වියදම ඉහළට

චීනය අද යුආන් ටි‍්‍රලියන 1.11ක එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 175ක ආරක්ෂක අයවැයක් ඉදිරිපත් කළා.
පෙර වසරට සාපේක්ෂව සියයට 8.1ක වර්ධනයක් වන මෙම ආරක්ෂක වැය ලොව විශාලතම යුද හමුදාව නවීකරණය කිරීමේ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇති.
බීජිං නුවර දී චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසි වාරය අද ආරම්භ වූ අතර, එහිදී ජනාධිපති ෂී – ජින්පින්ට දිවි ඇති තෙක් එරට නායකත්වය පිරිනැමීමට ද නියමිතයි.