Gossips

චීනයෙන්, ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක ණයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් හිමි වන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා.
එහි මුල් කොටස මේ මස අගදී මුදා හැරෙන අතර, ඉතිරි කොටස ඔක්තෝම්බර් මාසයේදී ලැබීමට නියමිත බව ඊයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.
‘‘එක් තීරයක්, එක් මාවතක් ’’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස චීනය සලකන බව ණය මුදල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී අනාවරණ වූ බවයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.
වසර 8කින් නැවත ගෙවීම සඳහා සියයට 5.25ක පොළියට චීන සංවර්ධන බැංකුව මගින් ලබාදෙන ඩොලර් බිලියනයක මෙම ණය මුදල සඳහා වසර 3ක සහන කාලයක් ද හිමි වනු ඇති.