Gossips

චීනයෙන් ඩොලර් බිලියනයක තවත් ණය ආධාරයක්

මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ කාර්තුව අවසන් වීමට පෙර චීනය විසින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.
ඉදිරි මාස වලදී එළඹෙන මෙරට ණය වාරික ගෙවීම් සදහා අදාළ ණය මුදල සහයක් වනු ඇති බවයි ඔහු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාව මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 5 යි දශම 9 ක වාර්තාගත ණය වාරිකයක් ගෙවිය යුතු අතර ඉන් ඩොලර් බිලියන 2 යි දශම 6 ක් වසරේ මුල් මාස 3 තුළ පියවිය යුතු වනවා.
චීනය වෙනුවෙන් බෑන්ක් ඔෆ් චයිනා මගින් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදලින් මිලියන 300 ක් මේ මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.
එය කාර්තුව තුළ ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවෙන බවයි ආචාර්ය කුමාරස්වාමි වැඩිදුරටත් සදහන් කළේ.
ඒ සදහා පොලී අනුපාතය සියයට 5 යි දශම 5 ක් වනු ඇති.